Search This Blog

Saturday, February 18, 2017

අම්මා කියලා

අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉදලා නැතිවම බැරි උනා
ගන්නා හුස්මන් පවා – නැලවිලි ගීයක් උනා
මග හරුනාද අම්මාව පෙම් කරන දා
මා පෙම් කරන දා
උමාලෙට පවා මේ ඔබ පෙම් කළානේ – මහමෙර තරමට දරු දුක දරා
ඔය ඇස් තුරුල්ලේ ඉන්නට බෑ මුළුල්ලේ – මා වෙනුවෙන් නැත තවකෙක් බලා
අනුකම්පා කරලා – දෙන්න පුතාට සමා –
වෙනසක් නොකරමි මා – මගේ අම්මට සසර පුරා
අම්මේ ඔබ වාගේ කව්රුත්ම නෑ හමුවෙලා
මට නෑ හමුවෙලා
අම්ම කියලා….
මමමයි හිතින් මේ – අවනඩු අසන්නේ
ඔබෙ තැනට කව්රුත් නෑ සමවෙලා
ජාතිත් ඔබයි මේ සසරෙම පතන්නේ
හැම භවයේ එනු මාගෙ අම්මා වෙලා
අනුකම්පා කරලා..

පූජා කරන්නම් මලක්


පිංවන්ත වූ ඔයා අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි
මෙමා
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //
හිමි උනේ නැතත් ඉහටත් උඩින් ආදරේ
තාම තියෙනවා පෙර වාගේ මේ හිතේ
දයිවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ
එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්
පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූ
වෙන්කළේ ඔයා පන වාගේ පෙම් කෙරූ
ආයේ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ
හයිය නෑ හිතේ විදවන්න නිරතුරු
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පිංවන්ත වූ ඔයා....

සමුඅරන් යා යුතුයි

සමුඅරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි හෙට ඉදකන් මට ඔයා නොලැබුනත් ආදරෙයි 
ඔබ හොදින් ඉන්න ඕනෙ එය තමයි සතුට මාගෙ
මං වගෙ කෙනෙක් නැවතත් යලිත් මුන ගැහෙව කියා
මං පතනවා මෙ මට වඩා ඔබට ආදරෙ ඇති කෙනෙක්ලැබේවා කියා....//
දවසක් හරි මට ආදර‍ෙ කලා මෙ ලොකෙ කාටත් වඩා
නෙලැබීම මගෙ ඔබ මග හැරී ගයේ
කලකිරුන මට මා කරෙ
ඔබ හොදින් ඉන්න ඔනෙ අය තමයි සතුට මග මන් වග කනෙක් නැවතත් යලිත් මුන ගහෙවා කියා
මං පතනවා මේ මට වඩා ඔබට ආදරෙ ඇති කෙනෙක්ලැබේවා කියා...//
මගකදි හරි මෙ අප හමුඋනොත් මග හැරල යන්නට එපා
ඉරනමයි අපේ අපි අපෙන් වෙන් කලෙ කලකිරුන මට මා කෙරෙ ඔබ හෙදින් ඉන්න ඔනේ එය තමයි සතුට මාගෙ මං වගෙ කෙනෙක් නැවතත් යලිත් මුන ගැහෙව කියා
සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි
ඔබ හොදින් ඉන්න ඕනෙ එය තමයි සතුට මාගෙ මං වගෙ කෙනෙක් නැවතත් යලිත් මුන ගැහෙව කියා
මං පතනවා මෙ මට වඩා ඔබට ආදරෙ ඇති කෙනෙක් ලැබේවා කියා...//

රවටන්න එපා පෙම්හිතක්


ආදරයෙන් මං මිදී ඈතට යන්නම්
යළිත් වෙන්න බෑ පෙමිවතා
මා රවටවමින් ඔයා ගෙන ආ කදුළැල්
රිදුම් සුව නොවේ දිවි තුරා
අහස සේ..
පෙම් කලේ..
ඔබ නොවෙයි මං තමයි ආදරේ කලේ...
රවටන්න එපා පෙම්හිතක් කිසිදිනේ
ඔබ දන්නේ නෑ කඳුළු බිඳුවක අගේ
මට උන්නේ ඔබ පමණි මේ මිහිතලේ
හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ...
අදහන්න බෑනේ රංගනය ඔබගේ
කෙලෙසද රිදුම් මා දරාගන්නේ
ඔබ කියපු සැම දේ ඉර හඳක විලසේ
විශ්වාස කෙරුවේ ආදරෙ නිසානේ
සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම්
ඔබෙ සතුට මාගේ සතුට වේ..
නොමැරී මැරෙන්නේ හැමදාම මමනේ
සිහිවෙලා ආයේ ඉවසන්න බෑනේ
ඔබ දකින සිහිනේ මට දකිනු බෑනේ
මගෙ කදුළු මැද්දේ මා තනි වුනානේ..
සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම්
ඔබෙ සතුට මාගේ සතුට වේ...
රවටන්න එපා පෙම්හිතක් කිසිදිනේ
ඔබ දන්නේ නෑ කඳුළු බිඳුවක අගේ
මට උන්නේ ඔබ පමණි මේ මිහිතලේ
හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ...