ඉවසන්න බැරි තරම්
කඳුළු නෙත හිර කරන්
පෙම් කලේ නෑ ඔයා
සත්තකින් මං තරම්
වැටෙන හුස්මත් ගිහින්
අඬන හිත තනි කරන්
මං නොවේ ඔය හිතයි
පළිගන්නෙ රත්තරන්.....
මතක සැමරුම් ලියා
සිහින සිතුවිලි පුරා
අමතකද කී කථා
උණුහුමේ ගුලි වෙලා
බැඳුණු හදවත පුරා
හෙමි හෙමින් අඩි තියා
ළං වෙන්න බැරි දුරින්
ඔබ ගිහින් නැවතිලා.....
තනිය දුරකින් තියා
හිතට එබිකම් කලා
කාටවත් නැති තරම්
ආදරෙන් ලං වෙලා
සිහින අතරින් ඇවිත්
කඳුළු තනියට තියා
ඔබ ගියපු දා ඉඳන්
මේ හිතම ගොළු වෙලා...
කඳුළු නෙත හිර කරන්
පෙම් කලේ නෑ ඔයා
සත්තකින් මං තරම්
වැටෙන හුස්මත් ගිහින්
අඬන හිත තනි කරන්
මං නොවේ ඔය හිතයි
පළිගන්නෙ රත්තරන්.....
මතක සැමරුම් ලියා
සිහින සිතුවිලි පුරා
අමතකද කී කථා
උණුහුමේ ගුලි වෙලා
බැඳුණු හදවත පුරා
හෙමි හෙමින් අඩි තියා
ළං වෙන්න බැරි දුරින්
ඔබ ගිහින් නැවතිලා.....
තනිය දුරකින් තියා
හිතට එබිකම් කලා
කාටවත් නැති තරම්
ආදරෙන් ලං වෙලා
සිහින අතරින් ඇවිත්
කඳුළු තනියට තියා
ඔබ ගියපු දා ඉඳන්
මේ හිතම ගොළු වෙලා...
No comments:
Post a Comment