Search This Blog

Saturday, February 18, 2017

රවටන්න එපා පෙම්හිතක්


ආදරයෙන් මං මිදී ඈතට යන්නම්
යළිත් වෙන්න බෑ පෙමිවතා
මා රවටවමින් ඔයා ගෙන ආ කදුළැල්
රිදුම් සුව නොවේ දිවි තුරා
අහස සේ..
පෙම් කලේ..
ඔබ නොවෙයි මං තමයි ආදරේ කලේ...
රවටන්න එපා පෙම්හිතක් කිසිදිනේ
ඔබ දන්නේ නෑ කඳුළු බිඳුවක අගේ
මට උන්නේ ඔබ පමණි මේ මිහිතලේ
හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ...
අදහන්න බෑනේ රංගනය ඔබගේ
කෙලෙසද රිදුම් මා දරාගන්නේ
ඔබ කියපු සැම දේ ඉර හඳක විලසේ
විශ්වාස කෙරුවේ ආදරෙ නිසානේ
සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම්
ඔබෙ සතුට මාගේ සතුට වේ..
නොමැරී මැරෙන්නේ හැමදාම මමනේ
සිහිවෙලා ආයේ ඉවසන්න බෑනේ
ඔබ දකින සිහිනේ මට දකිනු බෑනේ
මගෙ කදුළු මැද්දේ මා තනි වුනානේ..
සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම්
ඔබෙ සතුට මාගේ සතුට වේ...
රවටන්න එපා පෙම්හිතක් කිසිදිනේ
ඔබ දන්නේ නෑ කඳුළු බිඳුවක අගේ
මට උන්නේ ඔබ පමණි මේ මිහිතලේ
හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ...

No comments:

Post a Comment