Search This Blog
Thursday, April 2, 2015
හදවත ගැහෙනා
දෑසේ ඔය රුව මැවිලා..
නෑ ලඟ සැනසුම රැදිලා..
කාලය හෙමිහිට ගෙවිලා..
යයි තව අපි දුර ඇදිලා......
හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා..
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා.......
රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ..
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ..
මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ..
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ........
පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා......
හදවත ගැහෙනා........
මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ..
දුක දන්නේ කවුරුද මගෙ ඇස්වාගේ..
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ..
මියැදෙන්නම් ලඟටම වී ඔය තුරුලේ.......
පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා......
හදවත ගැහෙනා.......
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment