Search This Blog

Saturday, February 18, 2017

අම්මා කියලා

අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉදලා නැතිවම බැරි උනා
ගන්නා හුස්මන් පවා – නැලවිලි ගීයක් උනා
මග හරුනාද අම්මාව පෙම් කරන දා
මා පෙම් කරන දා
උමාලෙට පවා මේ ඔබ පෙම් කළානේ – මහමෙර තරමට දරු දුක දරා
ඔය ඇස් තුරුල්ලේ ඉන්නට බෑ මුළුල්ලේ – මා වෙනුවෙන් නැත තවකෙක් බලා
අනුකම්පා කරලා – දෙන්න පුතාට සමා –
වෙනසක් නොකරමි මා – මගේ අම්මට සසර පුරා
අම්මේ ඔබ වාගේ කව්රුත්ම නෑ හමුවෙලා
මට නෑ හමුවෙලා
අම්ම කියලා….
මමමයි හිතින් මේ – අවනඩු අසන්නේ
ඔබෙ තැනට කව්රුත් නෑ සමවෙලා
ජාතිත් ඔබයි මේ සසරෙම පතන්නේ
හැම භවයේ එනු මාගෙ අම්මා වෙලා
අනුකම්පා කරලා..

පූජා කරන්නම් මලක්


පිංවන්ත වූ ඔයා අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි
මෙමා
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //
හිමි උනේ නැතත් ඉහටත් උඩින් ආදරේ
තාම තියෙනවා පෙර වාගේ මේ හිතේ
දයිවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ
එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්
පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූ
වෙන්කළේ ඔයා පන වාගේ පෙම් කෙරූ
ආයේ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ
හයිය නෑ හිතේ විදවන්න නිරතුරු
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පිංවන්ත වූ ඔයා....

සමුඅරන් යා යුතුයි

සමුඅරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි හෙට ඉදකන් මට ඔයා නොලැබුනත් ආදරෙයි 
ඔබ හොදින් ඉන්න ඕනෙ එය තමයි සතුට මාගෙ
මං වගෙ කෙනෙක් නැවතත් යලිත් මුන ගැහෙව කියා
මං පතනවා මෙ මට වඩා ඔබට ආදරෙ ඇති කෙනෙක්ලැබේවා කියා....//
දවසක් හරි මට ආදර‍ෙ කලා මෙ ලොකෙ කාටත් වඩා
නෙලැබීම මගෙ ඔබ මග හැරී ගයේ
කලකිරුන මට මා කරෙ
ඔබ හොදින් ඉන්න ඔනෙ අය තමයි සතුට මග මන් වග කනෙක් නැවතත් යලිත් මුන ගහෙවා කියා
මං පතනවා මේ මට වඩා ඔබට ආදරෙ ඇති කෙනෙක්ලැබේවා කියා...//
මගකදි හරි මෙ අප හමුඋනොත් මග හැරල යන්නට එපා
ඉරනමයි අපේ අපි අපෙන් වෙන් කලෙ කලකිරුන මට මා කෙරෙ ඔබ හෙදින් ඉන්න ඔනේ එය තමයි සතුට මාගෙ මං වගෙ කෙනෙක් නැවතත් යලිත් මුන ගැහෙව කියා
සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි
ඔබ හොදින් ඉන්න ඕනෙ එය තමයි සතුට මාගෙ මං වගෙ කෙනෙක් නැවතත් යලිත් මුන ගැහෙව කියා
මං පතනවා මෙ මට වඩා ඔබට ආදරෙ ඇති කෙනෙක් ලැබේවා කියා...//

රවටන්න එපා පෙම්හිතක්


ආදරයෙන් මං මිදී ඈතට යන්නම්
යළිත් වෙන්න බෑ පෙමිවතා
මා රවටවමින් ඔයා ගෙන ආ කදුළැල්
රිදුම් සුව නොවේ දිවි තුරා
අහස සේ..
පෙම් කලේ..
ඔබ නොවෙයි මං තමයි ආදරේ කලේ...
රවටන්න එපා පෙම්හිතක් කිසිදිනේ
ඔබ දන්නේ නෑ කඳුළු බිඳුවක අගේ
මට උන්නේ ඔබ පමණි මේ මිහිතලේ
හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ...
අදහන්න බෑනේ රංගනය ඔබගේ
කෙලෙසද රිදුම් මා දරාගන්නේ
ඔබ කියපු සැම දේ ඉර හඳක විලසේ
විශ්වාස කෙරුවේ ආදරෙ නිසානේ
සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම්
ඔබෙ සතුට මාගේ සතුට වේ..
නොමැරී මැරෙන්නේ හැමදාම මමනේ
සිහිවෙලා ආයේ ඉවසන්න බෑනේ
ඔබ දකින සිහිනේ මට දකිනු බෑනේ
මගෙ කදුළු මැද්දේ මා තනි වුනානේ..
සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම්
ඔබෙ සතුට මාගේ සතුට වේ...
රවටන්න එපා පෙම්හිතක් කිසිදිනේ
ඔබ දන්නේ නෑ කඳුළු බිඳුවක අගේ
මට උන්නේ ඔබ පමණි මේ මිහිතලේ
හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ...

නෑ තවත් හිතක්


නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ..
යාකරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් හිටියෙ හුස්ම ඔබ මාගේ...
සිත ඇහුවේ ඔබ ගැනමයි
තාමත් මං විඳවයි
පැතුවේම ඔබෙ සතුටයි...
මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
රෑ පුර හඳ කොනේ අඳුරේ ගිලුනයි..
තවත් කෙනෙකු හිතේ ඔයා
තිබිලා හිඳිනු ඇතේ
කිසිදා අයිති නැතේ...
මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි..
තවත් කෙනෙකු හිතේ ඔයා
තිබිලා හිඳිනු ඇතේ
කිසිදා අයිති නැතේ...''

වැරදි කරලා ඔබම හැමදා


වැරදි කරලා ඔබම හැමදා
කලත් මට චෝදනා
ඔබට වැටහෙයි නුදුරු දිනකින්
මමයි නිවැරදි කියා...
ඉක්මනින් තරහා වීලා
මාව සැක නොකෙරුවා නම්
තාම ඔබගෙයි තමයි මං
ආදරෙන් සෑමදා
දෙනයන ඔබගේ සිහිවන මොහොතේ
හදා ගන්න බැහැ හිත මාගේ
මතකය අපගේ ඔබ හැර ගිය සේ
දමා යන්න බැහැ මට ආයේ...
වෙනතක රහසේ ඔබ ගිය දිනයේ
බලා ඉන්න බැරි නෙතට මාගේ
කඳුළැලි ඉනුවේ දුකටයි මහදේ
දරා ගන්න බැරි තැනම ළඳේ....

ඔබගේ මතකෙන්


ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති ඉන්දා
හිදිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා
කැරේ
ලං වේලා කී කතා පා වේලා මා දමා
පෑ සිනා පෑ රිලා යා වේලා වේ දනා
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවෙ ඔයා
විශ්වාසෙ කඩ කල ඔයාට මං ආදරේයි සදා
පෙම් කලා යහි කියා මා රැවටුවාත් ඔයා
සැම දා පතන්නේ මා වෙන් එපා දුකාක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
රවටල වෙන් වී ගියාට මං ආදරේයි සදා

යන තැනක ඉන්න සෑමදා


යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
ලඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහනේ හිතට දැනුනේ
යලිත් ඔබව හිමිනැතිනම් මගෙ සෙනෙහේ අඩුනම්
නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ
පෙරුම්පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල්
නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

මගේ සෝ සුසුම්


මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා...//
කෙසේදෝ කියන් ඉන් නෙ මා තනිවෙලා
කදුලු මා නෙත් අගින් වැටෙනවා.... වැටෙනවා....
බැදුනත් ආලෙන් ඔබ හා මා...
සැගවී ගියා සැගවී ගියා...
එක මෝසම් වැස් සෙන් නුඹ සැගවී ගියා නුඹ ආයේ එන් නෙ නැතිදෝ තුරුලට මාගේ...
මගේ සෝ සුසුම්......
පැතු ඒ පැතුම් මාගේ මීදුමෙන් වැසී අහසේ
බොදවීගියා නොපෙනී....//
එපා යන්න හැරදා කෙසේ ඉන් නෙ මා ඉතිං...
හැම හුස්මක් පවා මගෙ හිත නුඹ ගැන විමසනවා...
මගේ සෝ සුසුම්.......

ඔයාට මාව එපා නම්


ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුනා
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා
ඔබ ගියාට මා හැරදා නෑ අමනාප සදා
ඔබේ සතුට ඇත්තේ එතන නම් වරදක් නොකියමි මා
ඉක්මන් වෙලා ආ දුර දිහා
බැලූවත් හැරි නැවති සුසුමක් හෙලා
කදුලක් දරා උන්නට වඩා
තනිකම සැපයි නුහුරු සෙනෙහෙන් සදා
මාව හැරදා ඇයි ගියේ කියා අහනවා හදවත මගේ
හේතුවක් නොදනී මානේ ඔයා යන්නම ගියා
ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුනා
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා
කලබල වෙලා සිර කොට තබා
පල නෑ බලෙන් ඔබව මා ලග තියා
ඔබේ හදවතේ දැන් ඇති කෙනා
එක්කම හොදින් ඉන්න මියැදෙන තුරා
මාව හැරදා ඇයි ගියේ කියා අහනවා හදවත මගේ
හේතුවක් නොදනී මානේ ඔයා යන්නම ගියා
ඔයාට මාව එපා නම්.....

ඉවසන්න බැරි තරම්


ඉවසන්න බැරි තරම්
කඳුළු නෙත හිර කරන්
පෙම් කලේ නෑ ඔයා
සත්තකින් මං තරම්
වැටෙන හුස්මත් ගිහින්
අඬන හිත තනි කරන්
මං නොවේ ඔය හිතයි
පළිගන්නෙ රත්තරන්.....
මතක සැමරුම් ලියා
සිහින සිතුවිලි පුරා
අමතකද කී කථා
උණුහුමේ ගුලි වෙලා
බැඳුණු හදවත පුරා
හෙමි හෙමින් අඩි තියා
ළං වෙන්න බැරි දුරින්
ඔබ ගිහින් නැවතිලා.....
තනිය දුරකින් තියා
හිතට එබිකම් කලා
කාටවත් නැති තරම්
ආදරෙන් ලං වෙලා
සිහින අතරින් ඇවිත්
කඳුළු තනියට තියා
ඔබ ගියපු දා ඉඳන්
මේ හිතම ගොළු වෙලා...

වෙන්වීලා ගියදා පටන්


වෙන්වීලා ගියදා පටන් ඔබ මාව
ආයේ නො එනා ලෙසින්
කඳුළු අඩු නැතිව විඳිනවා තවම
ඔබට සතුටුයිද දැන්
ඔබට සතුටුයිද දැන්
කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැඳලා දිවිය පවා සුසුම් යායක් වෙලා
මුවඟ සිනා පාවී ගියා
කිසිදා සිතින් නොසිතූ දුරින්
වෙන්වීලා ගියදා පටන් ඔබ මාව
ආයේ නො එනා ලෙසින්
කඳුළු අඩු නැතිව විඳිනවා තවම
ඔබට සතුටුයිද දැන්
ඔබට සතුටුයිද දැන්

ආයෙ නොයෙනා


හමු වන්න අයිති නැතිමුත්…… 
අපි හමු උනා ලොවම රවටා
එක් වෙන්න හීන මැවුවත්
එක් වෙන්න බෑ අපට කිසිදා
ආයෙ නොයෙනා දිනක මතු දා
මට ලැබුනොතින් ඔයා
පිලිගන්නවා පාවඩ එලා……….


හද පතුලේ රැදුන මගේ ආදරේ සගවාලා
දෙතැන අපේ හිමි අරනේ කාටවත් නොපවසා
ආයෙ නොයෙනා දිනක මතු දා
මට ලැබුනොතින් ඔයා
පිලිගන්නවා පාවඩ එලා……….


මදු කුලයේ බබරු ඔබේ ආදරේ පොරකාලා
රැගෙන එමී වටිනම දේ හැර ඉයත් ඉහිරිලා
ආයෙ නොයෙනා දිනක මතු දා
මට ලැබුනොතින් ඔයා
පිලිගන්නවා පාවඩ එලා……….
හමුවන්න…..

අවසාන ප්රේමයයි


අවසාන ප්රේමයයි මාගේ...
 නෑ පතන්නේ කෙනෙක් ආයේ... 
ඉවරයක් නැ කදුලු දෙනෙතේ.... 
මාව හැරදාලා ඔයත් යන්නට ගියා..... 

කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මෙ මා..... 
තනිකම හොදයි පාලුවේ මේ උනන කදුලට වඩා....
 හීන අතරේ සෙනෙහෙ සොයලා... 
හිතට වෙහෙසයි දුකම විදලා... කවුරුත්ම නැ මට පෙම් කලේ...
මමම විතරයි ආදරේ කලේ.... 
ආයේ රැවටෙන්න බෑ... 
කවුරුවත් ඕනෙ නැ... 
තනිවෙලා ඉන්න මේ හිතට පුලුවනි සදා....

 කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මෙ මා.....
 තනිකම හොදයි පාලුවේ මේ උනන කදුලට වඩා....
 ඔබේ මත්තේ නැහිලා නැහිලා... 
මගේ හිත දැන් නොමැරි මැරිලා... 
හමුනන්නේ නෑ ආයෙ ඔබ මා... 
මතක පොත දැන් හොදට පිරිලා... 
ආයේ රැවටෙන්න බෑ... 
කවුරුවත් ඕනෙ නැ... 
තනිවෙලා ඉන්න මේ හිතට පුලුවනි සදා.... 
කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මෙ මා..... 

තනිකම හොදයි පාලුවේ මේ උනන කදුලට වඩා.... අවසාන ප්රේමයයි...........